ගෘහ නිර්මාණ ශිල්පියකු වූ නළුවා
By 0 Comments
|
සම්මානනීය රංගන ශිල්පී අශාන් ඩයස් අද දවසේදී වඩාත් කතා බහට ලක් වෙලා. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලයෙහි අසංග චරිතය ඔස්සේ. මෙතෙක් ඔහු කල රංගනයන් අතරින් ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනේ මේ චරිතයට කියලයි ඔහු කියන්නේ.
චිත්‍රපටයේ සෙස්සන් ගැන කතා කරද්දී හේමාල් සෙනාලි මින් ඉහතදීත් සිරිපැරකුම් චිත්‍රපටයේදී අපට මුණ ගැහෙනවා. ඒ වගේම හේමාල් සහ අශාන් මුලින්ම හම්බ වෙලා තියෙන්නේ 1970 ලව් ස්ට්රොරි චිත්‍රපටයේදී. අශාන් කියන්නේ හේමාල් චිත්‍රපටයක චරිතය වෙනුවෙන් බොහෝ සෙයින් කැප වෙනවා කියලා.
විජයබා කොල්ලයේදීත් ඔවුන් දෙදෙනා නිතරම සිය රංගනයන් ගැන සාකච්චා වෙලා. ඒ වගේම රංගනයට පෙර චරිතය පිලිබදව හැදෑරීම් සිදු කරලා. ඒ වගේම මෙම චරිතයට අශාන් ව සුනිල් ආරියරත්නයන්ට හදුන්වා දී තිබෙන්නේත් හේමාල් සහ චන්න දේශප්‍රිය. ඒ නිසා මේ මිතුදම සදාකාලික බවයි අශාන් නම් කියන්නේ.
රංගනය වගේම අශාන් නිවේදකයකු ලෙසිනුත් ප්‍රසිද්ධයි. දෙරණ ටීවී හි ත්‍රාසජනක අත්දැකීම් අලලා යන රුපවාහිනී වැඩසටහනක ඔස්සේත් ඔහු ගැන කතා වෙනවා.
ගෘහ නිර්මාණ ශිල්පය ගැන ඕස්ට්‍රේලියාවෙන් පශ්චාද් උපාදියක් ලබා ගත්තත් මේ වන විට ඔහුගේ මූලික රැකියාව වන්නේ රංගනය.
වසර 10කට පෙර ප්‍රවීන සිනමාවේදී අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් හරහා සිය කලා ජීවිතය අරඹන අශාන්ට තමන්ගේම නිර්මාණත් තිබෙනවා. මේ දින වල බෙහෙවින්ම කාර්ය බහුලව අශාන්ගේ නිර්මාණ රැසක් ඉදිරියේදී දැක බලා ගන්නත් හැකි වේවි.
අශන්ති වරුනසුරිය