“මම International Model කෙනෙක් වෙන්න ආසයි “- හිරුණි ලියනගේ

By  |  0 Comments

– හිරුණි ලියනගේ කියන්නේ කවුද?

මම නිරූපණ ශිල්පිනියක් ..රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්..

– ඔබ කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ ?

මම වයස අවුරුදු 14 දි තමයි මුලින්ම Feild එකට සම්බන්ධ වෙන්නේ ..ඒ වන විට මම Mac Tv “දේදුණු යහළුවෝ” සමග සම්බන්ධ වී වැඩ කළා.. ඒ අතරේ NDB advertisement  එකක් සමග සම්බන්ධ වුණා..

ඉන් පසුව වසර හයක් පමණ අධ්‍යාපනික කටයුතු නිසා මම ක්ෂේත්‍රයෙන් ඈත් වී සිට නැවතත් සම්බන්ධ වෙන්නෙ..

– ඔබේ පාසල සහ අධ්‍යාපනික කටයුතු ගැනත් සඳහන් කරමු ද?

මම හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා ..ඉන්පසුව මානව සම්පත් කළමනාකරණ උපාධිය හැදෑරුවා.. නිවේදන කටයුතු සම්බන්ධයෙනුත් හැදෑරීමක් කළා..

– ඔබේ පෞද්ගලික විස්තර මොනවද?

මගේ ගම් පළාත කළුතර ප්‍රදේශය.. පවුලේ අම්මා, තාත්තා සහ මට නංගිලා දෙන්නා දෙන්නෙක් සිටිනවා..

– ක්ෂේත්‍රයේ ඔබට මුහුණපාන්නට සිදුවූ අභියෝග මොනවද?

අද වන විට බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටිනවා.. ලොකු තරගයක් තිබෙනවා.. ගොඩක් අය Feild එකට එන්නේ හැදෑරීමක් නැතුව. photoshoot model කෙනෙක් විදිහට..එය Field එකට ඒ තරම් හොඳ දෙයක් විදිහට මා දකින්නෙ නෑ..

– ඉදිරියේදී ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නට කැමැත්තෙන් සිටින කෙනෙකුට කුමක්ද ඒ සඳහා ඇති ක්‍රමවේදය?

යම්කිසි හැදෑරීමක් සහිතව ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන එක හොඳයි.. ඒ සඳහා මේ වන විට modeling academy බොහොමයක් තිබෙනවා.. ඕනම කෙනෙකුට පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන්.

– ලංකාවේ එවැනි modeling academy ගැන විශ්වාසයක් තබන්න පුලුවන්ද?

බොහෝමයක් pageants වල crowns මුදලට දෙන අවස්ථා තිබෙනවා ..නමුත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳ තැනුත් තිබෙනවා..

– ඔබේ රංගන කටයුතු පිළිබඳව මතක් කළොත්..?

මේ වන විට චිත්‍රපට තුනකට දායක වෙලා තිබෙනවා. ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.. ලබන වසරේ ආරම්භයේ විකාශය වේවි.. ඒ වගේම documentary වලටත් සම්බන්ධ වෙලා තියෙනවා..

– ඔබ රංගන ජීවිතයේදී යම් තෝරා බේරා ගැනීමක් සිදු කරනවද ?

තෝරා ගන්නේ මට සාධාරණයක් කරන්න පුළුවන් චරිත තමයි .. music video වලටත් සම්බන්ධ වෙලා තිබෙනවා.. Miss & Mrs srilanka for USA තරඟයටත් සහභාගි වෙලා තිබෙනවා..

– නිරූපිකාවක් වීමට කුඩා කාලයේ සිට සිහිනයක් තිබුණද?

නැහැ ..එය අහම්බයක් ..පොඩි කාලේ ආසාවෙන් හිටියේ නිවේදිකාවක් වෙන්න..

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

International model කෙනෙක් වෙන්න ආසයි.. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඇමරිකාවට ගිහිල්ල එහිදී නිරූපණ ශිල්පිණියක් ලෙස වැඩිදුරටත් හදාරන්න..

හරුණි ලියනගේ ඔබට Boston lanka අපෙන් සුබ පැතුම්!

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *