“ප්‍රසිද්ධිය බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි ” – නෙතූ ගමගේ

By  |  0 Comments

‘නෙතූ ගමගේ’ කියන්නෙ කවුද කියල කෙටියෙන් හැඳින්වුවොත්?

මම දකුණු පළාතේ හැදුණු වැඩුණු කෙනෙක්. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයට සහ රංගන ක්ෂේත්‍රයට ආදරය කරන කෙනෙක්. ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්.

* නෙතූගෙ පාසල සහ අධ්‍යාපනික කටයුතු ගැන සඳහන් කරමුද?

මගේ පාසල ගා/ මීපාවල අමරසූරිය ජාතික පාසල

* පවුලෙ විස්තර මොනවද?

මගේ පවුලේ ඉන්නෙ අම්මා, තාත්තා, මල්ලි, නංග ..මම පවුලේ වැඩිමල් දියණිය

* ක්ෂේත්රයට පිවිසෙන්නෙ මොන කාල වකවානුවේද?

මම මුල ඉඳන්ම මේ ක්ෂේත්‍රයට එන්න ගොඩක් ආසාවෙන් හිටියේ ..නමුත් මට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ 2017 වසරේදී..

* කොහොමද පවුලෙ අයගෙන් ලැබෙන සහයෝගය?

මගේ අම්මාගේත් , තාත්තාගේත් බලාපොරොත්තුව වුණේ මම ලංකාවේ හොඳ තැනකට එන එක. ඒ නිසා මට එයාලා නිදහස දීලා තිබුණා නිවැරැදි තීරණ ගන්න. හැම වෙලාවෙම මගේ පිටිපස්සෙන් ඉඳන් හරි වැරැද්ද කියලා දුන්නා ඒ නිසයි මං අද මෙහෙම වැඩ කරන්නේ

* ඔබ ලබා ගත් ජයග්රහණ ගැනත් සඳහන් කරමු ද?

මම 2018 Miss Sri Lanka for USA තරඟයට සහභාගී වුණා. ඒකෙන් First Runner Up වුණා . නමුත් මගේ වාසනාවට මට නැවතත් එම තරගයේම ජයග්‍රාහිකාව ලෙස කිරුළු පළඳින්නට සහ ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණා.

* ඉදිරියට යන විට ඔබට තිබෙන අභියෝග මොනවාද?

මම ටිකක් කතාබහ කරන්න අකමැති කෙනෙක්. ඒක මට ලොකු අභියෝගයක් වුණා. ඒත් දැන් ඒක ගොඩක් දුරට මම එ්ක හදාගෙන වැඩ කරනවා. ඒ වගේම එන ඕනම අභියෝගයක් බාර ගන්න මම සූදානම්.

* ඔබ වැඩි කැමැත්තක් දක්වන්නෙ රංගන කටයුතුවලටද? නිරූපණ කටයුතුවලටද ?

මම ක්ෂේත්‍රයට ආවෙ නිරූපිකාවක් විදිහට. නමුත් මම රංගන ක්ෂේත්‍රයට ගොඩක් කැමති කෙනෙක්..

* මේ වෙන විට රංගන කටයුතුවලට සහභාගි වෙනවද? කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

ඔව්. මම මේ වන විට රංගන කටයුතුවලට සහභාගි වෙලා තියෙනවා. ආරාධනාත් ලැබිලා තියෙනවා. රංගන ක්ෂේත්‍රයට සාධාරණයක් කරන්න හොඳ ආරාධනාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

* නිරූපණ ක්ෂේත්රයට වගේම නිරූපිකාවන්ටත් දෝෂාරෝපණය කරන, ඒ අය දෙස වපර ඇසින් බලන සමාජ කණ්ඩායම් සිටිනවා.. ඒ අයට මොනවද ඔබට කියන්න තිබෙන්නෙ?

අනිවාර්යෙන්ම.. ඕනෑම දෙයකට විපක්ෂයක් තිබිය යුතුයි. එතකොටයි පක්ෂයේ සාර්ථකත්වය ඒ නිසා මං ඒවා ගැන හිතන්න ආස නැහැ..

* නිරූපණ කටයුතුවලට ආරාධනා ලැබෙන විට කුමන කරුණු පිළිබඳවද ඔබ සැළකිලිමත් වන්නෙ? සියලු ආරාධනා පිළිගන්නවද?

නැහැ . මගේ ගමනට බාධාවක් සහ නොගැලපෙන කිසිම ආරාධනාවක් මම බාරගන්නෙ නෑ. දෙපාරක් ඒ ගැන සිතනවා.

* ප්‍රසිද්ධිය නිරූපණ ශිල්පිනියකට අවශ්ය දෙයක්ද? ඔබ ප්රසිද්ධිය වෙනුවෙන් මොනවද කරන්නෙ?

ප්‍රසිද්ධිය බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි .ප්‍රසිද්ධිය කියන දේ මගේ ගමනට අවශ්‍යයි . මගේ ගමනත් එක්ක මට එක ලැබිලා තියෙනවා. මට ඒ ගැන සතුටුයි.

* නෙතුගේ ඉදිරි වැඩ කටයුතු, අනාගත බලාපොරොත්තු ගැනත් කියමුද?

මගේ බලාපොරොත්තුව ලංකාවේ නම ලෝකයට ගෙන යාමයි . ඒ වගේම රටට, නිරූපණ ක්ෂේත්‍රයට, රංගන ක්ෂේත්‍රයට සාධාරණයක් ඉෂ්ට කිරීමටයි. ඒ දේ මං අනිවාර්යෙන්ම කරනවාමයි..

ස්තුතියි නෙතූ.. ඔබට bostonlanka අපෙන් සුබ පැතුම් !!!

සටහන : තරුෂි නවංජනා ලියනාච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *