කෙටි චිත්‍රපටි නිර්මාණය කරන නවක රංගන ශිල්පියා – Deshan Neranjana
නිරෑපණ ක්ෂේත්රයේ වගේම රංගන ක්ෂේත්රයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙන ඔහු නමින් දේශාන් නේරංජන.
- 1) දේශාන් ඔයා ගැන හඳුන්වාදීමක් කරලම අපි කතාබහ පටන්ගමු.
මම දේශාන් නේරංජන. ඉතින් මගේ ගම නුවරඑළිය. එතකොට මට ඉන්නවා මල්ලිලා දෙන්නෙක්. ලොකු පවුලක් නෙමෙයි ඉතින් අම්මයි තාත්තා ඉන්නවා පොඩි පවුලක්. එතකොට මම ඉස්කෝලේ ගියේ රණබිම රාජකීය විද්‍යාලයට. පේරාදෙණියේ Kandy වල. එතකොට මට දැන් වයස අවුරුදු විසි එකයි දැනට.
2) ඔයා රංගන ශිල්පියෙක් වෙන්න කලින් නිරෑපණ ශිල්පියෙක් එහෙම නේද?
මම රංගන ශිල්පියෙක් වෙන්න කලින් ඇත්තටම නිරූපණ ශිල්පියෙක්. සාමාන්‍යයෙන් රංගන ක්ෂේත්රයට ඇවිත් අවුරුද්දක් වගේ පොඩි කාලයක් තමයි වෙන්නේ. එතකොට ඊට කලින් මගේ වෘත්තීය වුණේ නිරූපණ ක්ෂේත්රය. තාමත් එහෙමයි. දෙපැත්තෙම වැඩ ටික බැලන්ස් කරගෙන ලස්සනට ගමනක් යනවා.
3) ඔයා රංගන ක්ෂේත්රයට එන්නේ කොහොමද?
මම රංගන ක්ෂේත්රයට ආවේ කොහොමද කිව්වොත් ඇත්තටම මගේ ගුරුතුමා වෙන්නේ ශෙහාන් පෙරේරා මහත්මයා. ඉතින් එතුමාගෙන් තමයි මම රංගන ක්ෂේත්රයට එන්නේ. ඉතින් රංගනය පටන් අරගෙන අවුරුද්දක් විතර වෙනව ඒක තමයි මගේ ආරම්භය. තව මතක් කරන්න ඕනේ අනිත් දේ තමයි ටීවී දෙරණ නිකිණි කුසුම් නාට්‍යයේ අධ්‍යක්ෂක තුෂාර තෙන්නකෝන් මහත්මයාව. ඉතින් එතුමා වගේ ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැනත් ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා නිකිණි කුසුම් නාට්‍යය බලන්න කියලා. මාලිංගගේ චරිතයෙන් තමයි මම එන්නේ.
4) ලාංකිය සිනමාවේ ගොඩාක් දෙනාගේ සිත් ගත්ත ගිනි කෙලි සහ ගිනි අවි චිත්‍රපටියේ දෙවන දිගහැරැමේ ඔබත් චරිතයක් රඟදක්වනවා. ඒ ගැනත් කියමු.
ඔව්.. උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ගිනි අවි සහ ගිනිකෙළි 2 චිත්‍රපටියේ මමත් චරිතයක් කරනවා. ඒක නම් ලොකු අත්දැකීමක් ගොඩක් ඇක්ශන් තියෙන ලොකු චිත්‍රපටියක් ඒක. ඉතින් ඒ වගේ ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ දැවැන්ත සිනමා නිර්මාණයක වැඩ කරන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා ගොඩක්ම. ඔයාලටත් දවසක ඒක බලන්න පුළුවන් වෙයි.
5) අවසාන වශයෙන් මොනවද ඔයාගේ අනාගත සැලසුම්.?
අවසාන වශයෙන් කොහොමද සැලසුම් ගැන කතා කළොත් මං ඇත්තටම රංගන ක්ෂේත්රයට සහ නිරූපණ ක්ෂේත්රයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතිං ඒකත් එක්ක ඉදිරියට මගේම කියලා කරන්න වැඩ කිහිපයක් සැලසුම් කරලා තියෙනවා ඉතිං ඒක ගොඩක් කල් යන්න කලින් ලඟදීම ඔයාලට බලන්න පුළුවන්. මං මොකක්ද කියලා කියන්නේ නැහැ. ඉතින් ලංකාවේ මෙච්චර කාලෙකට කරලා නැති වෙනස්ම විදිහේ වැඩ කිහිපයක් මං කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට හිමිට අඩිය තියලා තියෙනවා අපි බලමු නේද හිමිට ඉතින්.
ඉතින් ඔහොම තමයි දේශාන් නේරංජනගේ වගතුග සහ ඔහුගේ ඉදිරි වැඩකටයුතු වෙන්නේ. ස්තුතියි! දේශාන් ඉතින් දේශාන් ඔයාලාට ඉස්සරහට ලස්සන වැඩ ටිකක් ගෙනෙයි.