නිරෝෂා පෙරේරා බුදු දහම නිසා වෙනස් වෙලා

By  |  0 Comments
නිරෝෂා පෙරේරා අපිට ඉන්න දක්ෂ නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක්.සාමාන්‍යෙන් අපි කොයි කවුරුත් දන්නේහරිම සැහැල්ලුවෙන් ඉන්න විනෝදකාමී චරිතයක්.නමුත් දැන් ලැබෙන තොරතුරු වලට අනුව නම් නිරෝෂා ටිකක් තැන්පත් චරිතයක් වෙලාලු.ඇය බෞද්ධ දර්ශනය ගැඹුරින් හදාරන්න වගේම ඒ ආදර්ශයන් තමුන්ගේ ජීවිතයටත් එකතු කරගන්න පටන් අරන්.එකපාරටම නිරෝෂාට වෙච්ච වෙනස්කම ගැන ඇය මෙන්න මෙහෙමයි කිව්වෙ.
“බෞද්ධයන් විදියට බොහෝ අය කරන්නේ ආමිස පූජා. මේ නිසා බොහෝ දෙනෙක් සුදු ඇඳගෙන මල් වට්ටි අරගෙන විවිධාකාර ආගමික වැඩසටහන්වල නිරත වෙනවා විතරක් නෙමෙයි.සමහරු ඒවා photo ගහලා ෆේස්බුක් එකෙත් දානවා. පන්සල් හදන්න, විවිධ පින් අතේ වැඩ වලට මුදල් පරිත්‍යාග කරලා ඒවාටත් පුළුල් ප්‍රචාර ලබා දෙනවා.
ඒ විදියේ බෞද්ධයන් අතර නම් මම නැහැ. කන බොන විදිය, අඳින පළඳින විදිය, හැසිරෙන විදිය, ගත්තම මම තවමත් පරණ නිරෝෂාමයි. හැබැයි බෞද්ධ දර්ශනය ගැඹුරින් වටහා ගන්න ඒ ප්‍රතිපත්ති ජීවිතයට එකතු කරගන්න මම හැම වෙලාවේම උත්සාහ කරනවා.

අපිට රූපය, ධනය, බලය, සැප සම්පත් ලැබෙන්නේ පෙර පින් අනුවයි. මට ඒ හැම දේම ලැබිලා තියෙනවා. මම ගෙවන්නේ සුඛේපභෝගී දිවියක් කියන එක ඇත්ත.

හැබැයි මේ දේවල් ඊළඟ භවයෙත් ලැබේවා කියලා මම පතන්නේ නැහැ. මේ දේවල් තව දියුණු කරගන්න උත්සාහ කරන්නෙත් නැහැ. මම මගේ මුලින් කී වෘත්තිය කටයුතු සැහැල්ලු වුණත් කිව්වේ මගෙන් අහපු හින්දා.
මාධ්‍යයට මේවා කියලා ප්‍රචාරය ලබාගෙන ජනප්‍රිය වෙන්න මට ඕන කමක් නැහැ. මේ භවයෙදීම තෘෂ්ණාව නැති කරලා නිවන් දකින්න මට බැහැ. හැබැයි තෘෂ්ණාව අඩු කරන්න පුළුවන්. මම අද කරන්නේ ඒක. එහෙම බලද්දී සුඛෝපභෝගී ජීවිතයක් ලැබුණත් මම මධ්‍යම ප්‍රතිපදාව තුළයි ජීවත් වෙන්නේ.
ඇය තවම අවිවාහකයි.ඇය ඒ ගැනත් කිව්වෙ මෙන්න මෙහෙම.
“”විවාහය ගැන හිතද්දී මට නැගෙන ප්‍රශ්නය තමයි ඇයි මිනිස්සු විවාහ වෙන්නේ කියන එක. ඇත්තටම බැලුවොත් මිනිස්සු විවාහ වෙන්නේ බෙදා ගන්න කෙනෙක් අවශ්‍ය හින්දා.
මට එහෙම කෙනෙක් අවශ්‍ය නැහැ. මගේ ජීවිතේ කොටසක් තව කෙනෙකුට බෙදලා දෙන්නත් මට බැහැ. මට හිතෙන්නේ මම ඉපදිලා තියෙන්නේ විවාහ නොවී ඉන්න අයගේ ගොඩට අයත්ව කියලා. හැබැයි ඉතින් නොසිතූ විදියට මුළු ජීවිතේම වුණත් භාර දෙන්න පුළුවන් සුවිශේෂී කෙනෙක් හමුවුණොත් මගේ හිත වුණත් වෙනස් වෙන්න පුළුවන්. දැනට නම් එහෙම කෙනෙක් පෙනෙනතෙක් මානයක නැහැ.”
ඒ.එස්.මල්ලවාරච්චි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *