වර්තමාන ලාංකීය පුංචි තිරයේ ආදරණිය අම්මා “Anjali Liyanage”
“ඇත්තටම මේ වෙනකොට මං ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු විස්සක් විතර වෙනවා. මං හරි හිමින් ගමනක් තමයි ආවේ හැබැයි මං එයාව ගමනක් හැබැයි තව චරිත කරන පිපාසය තියෙනවා. මං ආසයි විවිධ චරිත කරන්න. මම ආසයි ඉදිරියේදී විවිධ චරිත වලට රංගනයෙන් දායක වෙන්න. මේක හරි ගෞරවනීය හැමෝටම කරන්න බැරි එන්න බැරි හරි සුන්දර ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයට එන්නත් ලොකු වාසනාවක් තියෙන්න ඕනේ. මොකද ඒ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගෞරවය දිනාගන්න. ඒවට හරි ආසයි. ඒක තමයි වටිනාම දේ රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට. ඒ වගේම මේ ආව ගමනේදී ප්‍රවීනයන්ගෙන් ලොකු ආදර්ශයක් මට ලැබුණා. මම රංගනය කියන දේ දුකට හදාරපු කෙනෙක් නෙමෙයි අනෝජා වීරසිංහ මහත්මිය ළඟ පොඩි කාලයක් මම රංගනය හැදෑරුවා. මම රංගනයෙන් දායක වුණ හැම ටෙලි නාට්‍යයකම වගේ ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න මට ලැබුණා. එයාල ලබා දුන්න උපදෙස් මගේ ජීවිතයට මාර වටිනවා.”
Boston Lanka හරහා ආදරණිය පාඨකයන්ට තිලිණ කරන “Dreamy World” සඟරාව සමඟ සිදුවු කතාබහකදී