සුශ්මිතා චිත්‍රපටියක් නිසා තරුණ වෙලා.
By 0 Comments
|
සුශ්මිතා සෙන් කිව්වම නොදන්නා කෙනෙක් නැතිතරම්.80/90 දශකවල ජන්ප්‍රියත්වයෙ හිටපු සම්මානනීය රංගන ශිල්පිනියක් වන සුශ්මිතා සමාජ මාධ්‍ය ජාල සමඟ නිරන්තරව සම්බන්ධවෙමින් රසික රසිකාවියන්ට සමීප වෙන්න උත්සහ දරන නිළියක්.ඒ නිසා ඇයව කාටවත් අමතක වුණේ නැහැ.
කලින් කලට ඉන්ස්ටග්‍රැම්,ටිවිටර් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා පුවත් මවන සුශ්මිතා
මෑතකදී සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරපු ඇගේ අලුත්ම ඡායාරූප කිහිපයක් නිසා දැඩි කතාබහකට ලක්වෙලා.
එම ඡායාරූප වල ඇගේ පෙනුම පෙරට වඩා වෙනස් වී තිබෙන බවයි බොහෝදෙනෙකු පවසන්නේ.
විශ්ව රූ රැජණ කිරුළ පවා දිනා ගන්නට සමත්වුණු ඇගේ පෙනුම මෙලෙස එක සැණයකින් වෙනසකට බදුන් වූයේ කෙසේද යන්න පිළිඹදව කාගේත් කතා බහට ලක්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය පවා වාර්තා කර තිබෙනවා.
මේ පිළිබදව කුතුහලයක් දක්වන බොහෝ දෙනෙකු පවසන්නේ ඇය ප්ලාස්ටික් සැත්කමක් කර ඇති බවයි.ඇය සමග ක්ෂේත්‍රයේ සිටින අයත් පවසන්නේ එවැන්නක්.
නමුත් මෑතකදී මාධ්‍ය හමුවකට එක්වුණු ඇය එහිදී පැවසුවේ තම ජිවිතයේ ඉදිරි මාස කිහිපය ඇතුළත ඇය අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් තම වටිනා කාලය හා ශ්‍රමය කැප කිරීමට සුදානම් වන බවයි.ඉන්දියානු මාධ්‍ය පවසන්නේ ඇය එම සිනමාපටය නිසා ප්ලාසිටික් සැත්කමක් සිදුකොටගෙන රූපය වෙනස් කොටගෙන ඇති බවක්..